අවලෝකිතේශ්වර යැයි කියාගන්නා මහින්ද කොඩිතුවක්කුට ඇප.


අවලෝකිතේශ්වර බෝධිසත්ව ලෙස තමාව හඳුන්වාගත් මහින්ද කොඩිතුවක්කු නමැත්තාව ඇපමත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළේය.


අප වාර්තාකරු පැවසුවේ රුපියල් මිලියනයක ශරීර ඇප දෙකක් මත ඔහුව නිදහස් කළ බවය. 


අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ මහින්ද කොඩිතුවක්කු නැමැත්තාට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව පසුගියදා (ජනවාරි 24) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිවිය.


ඒ අනුව එදින සැකකරුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අධිකරණය, ඔහු ව මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමු කරන ලෙස නියෝග කළේය.

🅺︎🅰︎🅽︎🅳︎🆈︎ 🆃︎🅸︎🅼︎🅴︎ 🅽︎🅴︎🆆︎🆂︎.🅲︎🅾︎🅼︎